Friday, February 21, 2014

බහරේනයේ මෝඩ මෝල! Bahrain Moda Mall.

තාක්ෂනික දොසක් නිසා මගේ අලුත් පෝස්ට් එක එකපාර අප්ඩේට් වෙන්නෙ නෑ බ්ලොග් රෝල් වල. ඒ හින්ද මෙන්න පාර, මේකෙන් යන්න මෝල බලන්න.

බහරේනයේ මෝඩ මෝල! Bahrain Moda Mall.




අර ඔටු කතා බ්ලොග් එක හඳුන්වල දෙන වෙලාවෙ කකා කියල තිබ්බ ඒ ඒ රටවල ඉන්න ඈයො ලියන්නෙ ලංකාවෙ එදිනෙදා දේ ගැන මිසක් ඒ රටවල් ගැන නෙමෙයි කියල. ඇත්ත, ඒ කියපු කකා විතරක් නෙමෙයි මම දන්න තරමින් නම්, බින්දි ඇර අනික් හැමෝම ලියන්නෙ ඒ වගේ ලංකාව ගැන මිසක් තම්න් ඉන්න රටේ තොරතුරු නෙමෙයිනෙ. ඒ හින්ද මම හිතුව මම ඉන්න රටේ තීන විශෙෂ දේවල් කිහිපයක් ගැන ටිකක් ලියන්න.

මේ ඒකෙ පලවෙනි ලිපිය බහරේන් ලෝක වෙළඳ මධ්‍යස්ථානය එහෙම නැත්තං සිංහලනෙ  Bahrain World Trade Canter ගැනයි .
මුලින්ම කියන්න ඔන මේ පොස්ට් එක තාක්ෂනික කරුණු ගැඹුරින් සාකච්ඡා කෙරෙනවට වඩා සාමාන්‍ය විදියට තොරතුරු ඉදිරිපත් කරන ලිපියක් බව. කාට හරි එහෙම ඕනනම් අපි කමෙන්ට් වලදි තාක්ෂනික කරුණු ගැන බලමු.

BWTC කියන්නෙ ඉදිකිරීම් ක්ෂෙත්‍රයෙ කඩ ඉමක් උන අති විශේෂ ගොඩනැගිල්ලක්. ඒකට හේතුව තමයි ලෝකෙ මුල්ම වටරට ගොඩ නැගිල්ලේම පිහිටවූ යන්ත්‍රයක් උදව්වෙන් පුනර්ජනනීය විදිය ලබා ගන්නා ලෝකෙ පළමුවෙනි වාණිජ ගොඩනැගිල්ල වීම.

 ඒ කියන්නෙ සුළං බල ජනනයන් සවිකරන ලද ලෝකෙ පළමුවැනි තට්ටු ගොඩනැගිල්ල.

 ඒ විතරක් නෙමෙයි, මේ ගොඩනැගිල්ලෙ තවත් විශේෂ දේ කිහිපයක් තියෙනව.  

එකක් මේක වලිගය විසින් බල්ලා වැනූ ගොඩනැගිල්ලක් වීම.

ඒ වගේම මේක මහා ඛේදවාචකයක් සහ ජීවිත ගානක් බිලිගන්න හේතුවක් උන ගොඩනැගිල්ලකුත් වෙනව.

මුලිම්ම හොඳ පැත්ත ගැන බලමු.

2004 පටන් අරන් 2008දි නිමකරපු මේ ගොඩ නැගිල්ලෙ ප්‍රාධාන නිර්මාණ ශිල්පියා උනේ දකුණු අප්‍රිකානු ජාතික Shaun Killa ප්‍රමුඛ ATKINS නම් සුප්‍රසිද්ධ ඉංජිනේරු සමාගම. ඩුබායි හි බර්ජ් කලීෆා හෝටල වැනි විශ්මිත ඉදිකිරීම් නිසා නමක් දිනා ගත්තු ATKINS ආයතනයට මේ ගොඩ නැගිල්ල අභියෝගයක් වෙලා තියෙන්න ඇති එහි තිබ්බ අපූර්ව සැළසුමනිසා.

ඔවුන්ට ඕන වුනා මේක බහරේන් හි සංකේතයක් වෙන තරමට විශේෂ අරුම ගොඩනැගිල්ලක් කරන්න. ඒකෙදි ඔවුන් තෝරගත්තෙ ඒ වෙනකොට ජනප්‍රිය වේගෙන ආපු ග්‍රීන් බිල්ඩින් සංකල්පය.

තෙල් සහ ගෑස් සම්පතින් පිරිච්ච රටක හදන මේ වගේ බලශක්තිය සුරකින ගොඩනැගිල්ලක් අනිවාර්යනෙම ලෝකෙ අවධානයට යොමුවෙන දෙයක්. මේ බව මේ නිර්මාණශිල්පියො දැනගෙන උන්න.

මෙතනදි සාමාන්යෙන් භාවිතා වෙන අධි පරාවර්ථිත වීදුරු, එල් ඊ ඩී විදුලි බල්බ, විදුළි කළමාණාකරන පද්ධති (BMS) වගේ දේට එහා සාමාන්‍ය රාමුවෙන් පැනල ඒ අය මේ ගොඩ නැගිල්ලට සුළං බල ජනනයන් තුනක් සවි කරා. ගොඩ නැගිල්ලට අවශ්‍ය වෙන විදුලියෙන් කොටසක් ඒ මගින් සපුර ගන්න සැළසුම් කරල.

ඇත්තටම මේක එක්තරා විදියකට විප්ලවකාරී අදහසක්. හේතුව තමයි මේ වනකල් ලෝකෙ වෙන තැනක මෙවන් දෙයක් ඒ කියන්නෙ තට්ටු ගොඩ නැගිල්ලක වින්ඩ් ටර්බයින් හයිකරල තිබ්බෙ නැති එක.

අනික තෙල් ලාභ රටක මේ වගේ දෙයක් කොයි තරම් වාණිජ වශයෙන් වාසි වෙයිද කියන එක.

නමුත් නිර්මාණ ශිල්පියො මේ අභියෝග දෙකම ජයගන්න ක්‍රමයක් හොයා ගත්ත.

මෙතනදි වර්ල්ඩ් ට්‍රෙඩ් සෙන්ටර් වල අනිවාර්‍ය අංගයක් වෙන ට්වින් බිල්ඩින් අවශ්‍යතාවයත් වාසියට හිටිය. ඉතින් මුලින්ම ඔවුන් මේ ගොඩ නැගිල්ලට වින්ඩ් ටර්බයින් තුනක් හයි කරන්න සැළසුම් කරා අර එක ලඟ පිටුවන ටවර් දෙක යා කරල.

ඒකෙදි ඊළඟට ආව අභියෝගය තමයි මේ දෙක අතරින් එන සුලඟ පාලනය කරගෙන මේ ටර්බයින් තුන නිසි ලෙස කරකවා ගැනීම.

මොකද අනිවාර්යයෙන්ම පහත ටර්බයින් වලට එන හුලඟ  අඩු නිසා ඒක හෙමීටත් උඩ එකට එන හුලඟ වැඩි නිසා ඒක වේගයෙන්තු කැරකෙන්න ගන්නව. ඉතින් එතනදි බිලිඩින් එකේ සැකිල්ලට අනවශ්‍ය පීඩනයක්හෝ අසමමතුලිත බලයක් ඇතිවෙලා කඩන් වැටෙන්න බැරි නැහැ.

මෙන්න මේකට පිළිතුරක් විදියට ඇට්කින්ස් ඉන්ජිනේරුවො යොදා ගත්තු උපක්‍රමය තමයි මම කිව්වෙ නැට්ට විසින් බල්ල වනාපු සිද්දිය.

උනේ ම්නේකයි. ගොඩනැගිල්ලෙ පහල කොටස පුළුල් කරල පොඩි බොක්කක් නිර්මානය කරා පහතින්. ඒ එක්කම උඩ හුළං යොමුවීම අවම එන්න ටික ටික සිහින් කරා. දැන් වැඩේ හරි. යට ෆෑන් වලට හුළන් වැඩි වෙනකොට උඩ ඒවට අඩුයි. වැඩේ බැලන්ස්.
 

පේනව නේද හැඩේ. ඒ විතරක් නෙමෙයි බිලිඩිමේ දෙකෙළවර උල් හැඩයට මුලත් සුළඟ කළමණාකරනය සහ පාළනය.

හැබැයි සමාන්‍ය්නෙ ගොඩනැගිල්ලක් හදද්දි එකේ හැඩය සැළසුම් කරද්දි මූලිකව බලන්නෙ බාහිර පෙණුම සහ අවසාන කාර්‍ය කරගන්න තියෙන පහසුවයි. නමුත් මේ බහරේන් වර්ල්ඩ් ට්‍රෙඩි සෙන්ටර් එක නිර්මාණයෙදි හැඩය තීරනය උනේ වින්ඩ් ටර්බයින් වල ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම.
මේ තීන්නෙ වින්ඩ් ටර්බයින් උඩ ඉඳ බැලුවම. 
මෙතන විශේෂය උනේ ඒ අවශ්‍යතාව ගොඩනැගිල්ලෙ මූලික කාරනය වෙන කන්තෝරු වලට බිම කුළියට දෙන ගොඩනැගිල්ලක අවශ්‍යතාව වෙන වැඩි ඉඩකඩක් සෑම මහලකම තීබීම කිය්න දේට ස්ම්පූර්ණයෙන්ම වෙනස් වීම.
කොටින්ම ටර්බයි පාළනයට ගෙනාව විසඳුම නිසා උනේ බිල්ඩින් එකේ වැඩි මිලකට විකුනන්න පුලුවන් කම ලැබෙන ඉහල මහල්වල ඉඩ දරුණු විදියට සීමිත වීම.
බලන්න මුල්ම පින්තූරය. උඩ හරියට යනකොට බිල්ඩිමේ ඉඩක් නෑ කාමරයකට වඩා යමකට.

හැබැයි මේකෙන් උන පාඩුව යම් තරමකට පියවගන්න ක්‍රමයක් ගොඩනැගිල්ලෙ අයිතිකරයන්ට ලැබුන. 

එකක් තමයි මේක අති විශේශ ගොඩ නැගිල්ලක් නිසා විශාල ඉල්ලුම හැම තට්ටුවකටම ලැබීම. දෙක අර උඩම තීන හතලිස් දේනි තට්ටුවෙ තනි කාමරයට විශාල පිරිසක් ඉල්ලුම් කිරීම.

පස්සෙ හිමිකරුවො කරේ බ්ලිඩින් දෙකේම ඉහලම මහල් පහ වෙන්දේසි කරපු එකයි.. මේකෙන් අර උඩම 42 තනි කාමර දෙක පහල තට්ටුවක්ට වඩා ලොකු ගානකට විකිණින බව තමා දන්න අය කිව්වෙ.

ඒක එහෙම වෙන එක පුදුමයක් නෑ. මොකද ලෝකෙ පළමු සුප ග්‍රීන් බ්ලිඩින් එකේ උඩම තට්ටුවෙ තනි ඔෆිස් දෙකෙන් එකක ඇඩ්‍රස් එක හිමි කෙනෙක් වෙන්න නොවටිනා ගානක් විසි කරන එක රෝල්ස් රොයිස් කාර් එක වගේ හතර ගුණයක් ගෙවල ඒකට  ස්පෙෂල් නම්බර් ගන්න අරාබීන්ට අමුතු දෙයක් නොවෙන නිසා.

ඔය පහත පින්තූරෙ තීනෙ මේ ලියුම්කරුව හතලිස් දෙවනි මහලට ගිය වෙලාවක ගත්තු පින්තූරයක් සහ හතලිස් දේ ඉඳල අවට බහරේන් පෙනෙන විදිය.

බලන්න. 42ට යතුරක් දාල ඕපන් කරන්න ඕන මිස නිකන් ප්‍රෙස් කරාට යන්නෙ නෑ. ඒ කියන්නෙ ඕන කෙනෙකුට මේ ලිෆ්ට් එකට වෙන මහලකින් නැගල 42 ඔබල යන්න බෑ!

හැබැයි ඔච්චර වියදම් කරල මහන්සි වෙලා හදාපු ගොඩ නැගිල්ලෙ සැළසුමේදි උන පොඩ් වරදක් නිසා අද සුළං බමන තුනම එකට කරකවන්නෙ නෑ. ඒ ඇයි කියල දැනගනන්න කලින් බලන්න මේ පහත පින්තූරෙ හොඳට. බ්ලිඩින් දෙක අතරෙ තීන පාලම සරළරේඛීයයි නේද.

ඒ උනාට මේ පින්තූරෙ ඒ පාළම ටිකක් නෙරල ඇවිත් තියෙනව.

ඕකට හේතුව තමයි පළවෙනි පින්තූරෙ විදියට ඩිසයින් කරල දෙවනි එකේ විදියට හදපු එක! 
එහෙම උනේ තද හුළඟකදි ෆෑන් එකි පෙති නැමිල පාළමේ වැදිල වෙන්න තිබ්බ විනාශයක් වලක්වගන්න.

ඒත් ඒ එක්කම ඒකෙන් උනේ බ්ලිඩින් එක ඩිසයින් කරපු ස්ට්‍රක්චරෙකට ඒ සුළු වෙනසෙන් කරන පීඩනය දරන්න අමාරු උන එකයි. මොකද ෆෑන් තියෙන්නෙ ඩිසයින් කරාට වඩා මිලි තුසීයක් ඉස්සරහින්.

ඉතින් මේ නිසා අද වෙනකොට එක වරකට කරකවන්නෙ ෆෑන් දෙකක් වේතරයි. අන්තිමට ෆෑන් අර නත්තල් ගහේ බෝල වගේ එල්ලල තියල තෙල් විදුලියෙන් තමා වැඩිපුරම දුවන්නෙ.

ඔය ෆෑන් එක වැඩ නොකරන එක සලකලද මන්ද මේකෙ පහත මහල් දෙකක තීන අති සුඛොපභෝගී සාප්පු සංකීර්ණය අපූරු නමක් දාල තීනව.

මේක super luxury උනාට, විකුණන සපත්තු කුට්ටම්ක් ඩිනාර් 1000 විතර උනාට, කෝපි කෝප්පයක් ඩිනාර් දහයක් උනාට, පැය භාගයකට වඩා පාර්ක් කරල තිබ්බොත් ඩිනාර් තුනකට ටිකට් එකක් කැඩුවට, නෙමෙයි මම ඕකට නොයන්නෙ නම නිසාමයි (1 Dinaar = Rs. 345.00).

පේනව නේද? ඉතින් ඕකට යතෑකිද මොළයක් තීන එහෙකුට?

දැන් මම අර මුලිම්ම කිව්ව මේක මහා ඛේදවාචකය ගැන කතාව මේකයි.

2006දි ඔය බිල්ඩින් එකේ ස්ට්‍රක්චර් එක හදල ඉවර කරාම කොන්ත්‍රාත්කාර මුරේ රොබට් සමාගම තමන්ගෙ සියලු නිළධාරීන්ට විශාල බෝට්ටුවක විශේෂ සාදයක් තිබ්බ.

අවාසානාවට ඒ බෝට්ටුව මුහුද මැදදි, මැද කිව්වට වෙරළ පේන දුරකදි පෙරළුනා!

මේකෙන් ප්‍රොජෙක්ට් මැනේජර් ඇතුළු කොන්ත්‍රාත් සමාගමේ සියුළුම වගේ ප්‍රධාන නිළධාරියො තමන්ගෙ පවුල්වල අයත් එක්කම දිය යටදි මරු තුරුළට ගියා.

ඔක්කොම 57 දෙනෙක්.

කොයිතරම් වෙරළ ආසන්නයෙ උනත්, මේ මුහුද ලංකාවෙ වැවක් වගේ නිසල උනත් ඒ අයව බේරගන්න බැරි උනේ බෝට්ටුව මුනින් අත හැර උනාට පස්සෙ වතුරෙ තෙරපුමට දොර ජනෙල් ඇර ගන්න බැරි උන නිසයි.
ඔය ඛේදවාචකයෙන් බේරුන එකම ලාංකිකය මට හම්බවුනා. ඔහු බේරිලා තීන්නෙ පුදුම විදියට. 
මොහොතකට කලින් ඇතුලෙ මධුවිත තොලගගා හිටපු ඔහු සිගරට් එකක් බොන්න උඩ ඩෙක් එකේ ඉන්නකොට තමයි බෝට්ටුව ඇලවෙලා තීන්නෙ. මම හිතන්නෙ සිගරට් එකක් බොන මිනිහගෙ ජීවිතය බේරපු එකම අවස්ථාව එක වෙන්න පුලුවන්.
ඉතින් ඔන්න කතන්දරටත් අනෙක් අයටත් මෝඩ මෝල් එකෙන් බඩු ගන්න, ලෝකෙ මුල්ම වින්ඩ් ටර්බයින් හයි කරපු බ්ලිඩිම දැක ගන්න පුලුවන් බහරේන් ආවොත්!

LinkWithin

Related Posts with Thumbnails